Lanka Adventure Holidays

Lanka Adventure Holidays Adventure Beyond Compare – Explore, Conquer, Thrive!
(1)

18/05/2026

Every step we took, we knew—we weren’t alone. 🐾Deep in the heart of the Knuckles Forest Reserve, trekking under golden d...
12/05/2026

Every step we took, we knew—we weren’t alone. 🐾

Deep in the heart of the Knuckles Forest Reserve, trekking under golden daylight, we discovered something truly wild… fresh leopard footprints pressed into the earth. Silent. Powerful. Watching.

While we walk freely along these trails, they move unseen—hidden behind the bushes, resting in the shadows, quietly observing. The true kings of the jungle don’t need to be seen to be felt.

That’s the magic of Knuckles—raw, untamed, alive.

🌿 Dare to walk where the wild watches back?
📍 Lanka Adventure Holidays
📞 076 882 3332

11/05/2026

🌿 Into the Wild Beauty of Knuckles 🌿Walk through misty cloud forests, cross hidden jungle streams, and discover the unto...
07/05/2026

🌿 Into the Wild Beauty of Knuckles 🌿

Walk through misty cloud forests, cross hidden jungle streams, and discover the untouched magic of the Knuckles Mountain Range with us. 🥾⛰️

Whether you seek adventure, peace, camping under the stars, or breathtaking nature photography — Knuckles has it all.

✨ Guided Hiking Tours
✨ Camping & Bonfire
✨ Waterfalls Trekking
✨ Authentic Sri Lankan Meals
✨ One Day & Two Day Adventures

📍 Explore the hidden side of Sri Lanka with local experts.

📞 Lanka Adventure Holidays
076 882 3332

17/03/2026
22/02/2026
20/02/2026

ශ්‍රී ලංකාවේ හාල්දණ්ඩන් විශේෂ

හාල්දණ්ඩන් යනු රුක්වාසි නිර්විෂ සර්ප කාණ්ඩයකි. හාල්දණ්ඩන් අයත් වන "Dendrelaphis" ගණ නාමයෙහි ලතින් වචනයේ අර්ථය වන්නේ "රුක් වාසි" යන්නයි. ඉංග්‍රීසි භාෂාවෙන් Bronzeback ලෙස හදුන්වන්නේ ඇතැම් විශේෂයන් ගේ ශරීරයේ පෘෂ්ඨීයව පවතින ලෝකඩ පැහැය හේතුවෙනි. පැහැදිලි ගෙලක් හා දිගටි හිස පැතලි ස්බාවයක් ගනී. අනෙකුත් රුක්වාසී සර්පයන්ට මෙන් හාල්දන්ටද හිසට සාපේක්ෂව විශාලව ඇස් පිහිටයි. ආහාර ලෙස හූනන්, මැඩියන්, කටුස්සන්, කුඩා පක්ෂීන් හා පක්ෂී බිත්තර වැනි දෑ ලබා ගනී. ශ්‍රී ලංකාව තුල හාල්දන්ඩන් විශේෂය 8 ක් දැනට වාර්තා කර ඇත.

1. තුරු හාල්දණ්ඩා - දේශීය
2. පදුරු හාල්දණ්ඩා - දේශීය
3. ෂොකාර්ගේ හාල්දණ්ඩා - ආවේණික
4. වික්‍රමසිංහලාගේ හාල්දණ්ඩා - ආවේණික
5. වයිරි හාල්දණ්ඩා - ආවේණික
6. ඔලිවර්ගේ හාල්දණ්ඩා - ආවේණික
7. සිංහරාජ හාල්දණ්ඩා - ආවේණික
8. තසුන්ගේ වයිරම් හාල්දණ්ඩා - ආවේණික

1. තුරු හාල්දණ්ඩා
EN: Common bronzeback or Daudin's bronzeback
SN: Dendrelaphis tristis
(Daudin, 1803)

තුරු හාල්දණ්ඩා වියළි කලාපයේ බහුලව ව්‍යාප්ත වන, දිවාචර සහ රුකවාසී ස්වභාවයක් පෙන්වන සිහින්, දිගු ශරීරයක් ඇති විෂරහිත සර්ප විශේෂයකි. ශරීරය පෘෂ්ඨීයව දුඹුරු හෝ තඹ පැහැයක් ගන්නා අතර දෙපාර්ශවයෙන් දිවෙන කළු හෝ තද දුඹුරු රේඛාව මගින් ලා කහ හෝ සුදු උදරීය කොටසින් වෙන් වේ. පැහැදිලිව සිරුරෙන් වෙන් වූ පැතලි හිස, විශාල ඇස් සහ ඇසේ පිටුපසින් දිවෙන කළු රේඛාව හඳුනාගැනීමට උපකාරී ලක්ෂණ වේ. ඇතැම් සතුන්ගේ පාර්ශවික කොරලවල නිල් පැහැති සලකුණු දක්නට ලැබෙන අතර කේශ කොරල බොහෝවිට රන් පැහැයක් ගනී.

ඝන වනාන්තර, විවෘත ගස්වලින් සමන්විත භූමි සහ ගෙවතු ආශ්‍රිත පරිසරයන්හි දක්නට ලැබෙන මෙම සර්පයා ඉතා වේගයෙන් අතු අතර සංචරණය කරයි. ප්‍රධාන ආහාර ලෙස කුඩා කුරුල්ලන්, කටුස්සන්, හූනන් සහ කුරුළු බිත්තර භාවිතා කරයි. තියුණු දෘෂ්ඨිය ගොදුරු හඳුනාගැනීමට වැදගත් වේ. බියට පත් වූ විට ශරීරයේ පෙර කොටස පුම්බා විශාල ලෙස පෙනී සිටීම ආරක්ෂක හැසිරීමකි.

අණ්ඩජ සර්පයකු වන මෙය වරකට බිත්තර 6–12ක් පමණ දමයි. පැටවුන් උපතේදී සෙන්ටිමීටර් 15ක් පමණ දිග වන අතර වැඩිහිටි සතුන් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 90ක් පමණ දක්වා වැඩේ. වන විනාශය, මාර්ග අනතුරු සහ මිනිස් බිය හේතුවෙන් සිදුකරන මරණ ප්‍රධාන තර්ජන ලෙස සැලකේ. ජාත්‍යන්තර සංරක්ෂණ තත්ත්ව අනුව මෙම විශේෂය “Least Concern” ලෙස වර්ගීකරණය කර ඇත.

• Dendrelaphis ඝනයේ විද්‍යාත්මකව නම් කෙරුණු දෙවන සර්ප විශේෂය වීම (1803 දී Daudin විසින් Coluber tristis ලෙස)

2. ෂොකාර්ගේ හාල්දණ්ඩා/ මූකලන් හාල්දණ්ඩා
EN: Schokar's bronzeback
SN: Dendrelaphis schokari
(Kuhl, 1820)

ෂොකාර්ගේ හාල්දණ්ඩා ශ්‍රී ලංකාවට ආවේණික, විෂරහිත හා දිවාචර රුකවාසී සර්ප විශේෂයකි. රූපවිද්‍යාත්මකව තුරු හාල්දණ්ඩාට බොහෝ සෙයින් සමාන බැවින් අතීතයේදී මෙය එම විශේෂයේ උපවිශේෂයක් ලෙස සලකා ඇත. 1820 දී Heinrich Kuhl විසින් Dipsas schokari ලෙස විද්‍යාත්මකව නම් කළ මෙම සර්පයා පසුව වෙනම විශේෂයක් ලෙස නැවත පිළිගෙන ඇත. උදරීය හා පෞච්ඡ උදරීය කොරළ සංඛ්‍යාව, ඇස්වල ප්‍රමාණය, කේෂ කොරළ දිගුව හා හිසේ පෘෂ්ඨීය සලකුණු වැනි ලක්ෂණ මගින් සමාන විශේෂවලින් වෙන්කර හඳුනාගත හැක.

දිගු, සිහින්, සිලින්ඩරාකාර ශරීරයක් සහ පැහැදිලිව සිරුරෙන් වෙන් වූ පැතලි හිසක් මෙයට ඇත. ශරීරය සාමාන්‍යයෙන් දුඹුරු හෝ තඹ පැහැයෙන් යුක්ත වන අතර කේෂ කොරළ දීප්තිමත් රන් හෝ කහ පැහැයක් ගනී. මෙම රේඛාව සාමාන්‍යයෙන් කෙටි දුරක් පමණක් අපර දෙසට දිවෙන අතර සමාන විශේෂයක දක්නට ලැබෙන පරිදි ශරීර මධ්‍යය තෙක් දිවීම සාමාන්‍ය නොවේ. ඇසේ පිටුපසින් කළු පැහැති රේඛාවක් දක්නට ලැබෙන අතර උඩු තොල් කොරළ සුදු හෝ කහ පැහැතිව, ඇතැම් කොරළවල මායිම් කළු දාරයකින් සීමා වී ඇත.

තෙත්, අතරමැදි සහ වියළි කලාපයන්හි වනාන්තර, ගස් සහිත විවෘත භූමි හා ගෙවතු ආශ්‍රිතව හමුවන මෙම සර්පයා ඉතා වේගයෙන් අතු අතර සංචරණය කරයි. කුඩා කුරුල්ලන්, කටුස්සන්, හූනන්, ගෙම්බන් සහ පඳුරු මැඩියන් ප්‍රධාන ආහාර වන අතර කුරුළු බිත්තරද භුක්ති කරයි. බියට පත් වූ විට ශරීරයේ පෙර කොටස පුම්බා විශාල ලෙස පෙනී සිටීම ආරක්ෂක හැසිරීමක් වන අතර එවිට අන්තර් කොරළ නිල් පැහැයෙන් පැහැදිළිව දිස්වේ.

අණ්ඩජ සර්පයකු වන මෙය වරකට බිත්තර 6–7ක් පමණ දමයි. පැටවුන් උපතේදී සෙන්ටිමීටර් 15ක් පමණ දිග වන අතර වැඩිහිටි සතුන් සෙන්ටිමීටර් 90ක් පමණ දක්වා වර්ධනය වේ. වන විනාශය, මාර්ග අනතුරු සහ මිනිස් බිය හේතුවෙන් සිදුකරන මරණ මෙයට ඇති ප්‍රධාන තර්ජන වේ. IUCN සංරක්ෂණ තත්ත්ව අනුව මෙම විශේෂය “Least Concern (LC)” ලෙස වර්ගීකරණය කර ඇත.

• 2008 දී සිදුකළ පර්යේෂණවලදී මෙම විශේෂය ඉන්දියාවේද ව්‍යාප්තව ඇති බව යෝජනා කළද, පසුව එම ගහණය වෙනත් විශේෂයකට අයත් බව තහවුරු කර ඇත. එබැවින් Dendrelaphis schokari අද වන විට ශ්‍රී ලංකාවට ආවේණික විශේෂයක් ලෙස පිළිගැනේ.

3. පදුරු හාල්දණ්ඩා
EN: Boulenger's bronzeback or Travancore bronze-brown snake
SN: Dendrelaphis bifrenalis
(Boulenger, 1890)

පඳුරු හාල්දණ්ඩා ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ හමුවන, විෂරහිත හා දිවාචර රුකවාසී සර්ප විශේෂයකි. ශ්‍රී ලංකාවේ අනෙකුත් හාල්දණ්ඩන්ගෙන් පහසුවෙන් වෙන්කර හඳුනාගත හැකි ප්‍රධාන ලක්ෂණ වන්නේ රතු පැහැති දිවක් සහ ලෝරියල් කොරළ දෙකක් තිබීමයි. රතු දිවක් දරන එකම හාල්දණ්ඩා විශේෂය ලෙසද මෙය සැලකේ.

දිගු, සිහින්, සිලින්ඩරාකාර ශරීරයක් සහ පැහැදිලිව සිරුරෙන් වෙන් වූ, තරමක් පැතලි හිසක් මෙයට ඇත. හිස පෘෂ්ඨීයව ලා කොළ හෝ ගොම කොළ පැහැයක් ගන්නා අතර අන්තර්නාස් කොරළයෙන් ඇස හරහා ගෙල දෙසට දිවෙන කළු රේඛාවක් පාර්ශවිකව දක්නට ලැබේ. ශරීරය සාමාන්‍යයෙන් තඹ පැහැයෙන් යුක්ත වන අතර දෙපාර්ශවයෙන් කහ පැහැති රේඛා යුගලක් පවතී. අන්තර් කොරළ නිල් පැහැයෙන් යුක්ත වන අතර ගොදුරක් ගිලින විට හෝ බියට පත්ව ශරීරය පුම්බන අවස්ථාවලදී එය පැහැදිළිව දිස්වේ. උදරීය පැහැය ලා කොළ හෝ කොළ මිශ්‍ර කහ වර්ණයක් වේ.

ඝන වනාන්තර, පඳුරු සහිත භූමි සහ ගෙවතු ආශ්‍රිත පරිසරයන්හි දක්නට ලැබෙන මෙම සර්පයා අතු අතර වේගයෙන් සංචරණය කරයි. කුඩා කුරුල්ලන්, කටුස්සන්, හූනන්, ගෙම්බන් සහ පඳුරු මැඩියන් ප්‍රධාන ආහාර වන අතර තියුණු දෘෂ්ඨිය ගොදුරු හඳුනාගැනීමට උපකාරී වේ. බියට පත් වූ විට ශරීරයේ පෙර කොටස පුම්බා විශාල ලෙස පෙනී සිටීම ආරක්ෂක හැසිරීමකි.

අණ්ඩජ සර්පයකු වන මෙය වරකට බිත්තර 5ක් පමණ දමයි. පැටවුන් උපතේදී සෙන්ටිමීටර් 15ක් පමණ දිග වන අතර වැඩිහිටි සතුන් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 90ක් දක්වා වර්ධනය වේ. වන විනාශය, මාර්ග අනතුරු සහ මිනිස් බිය හේතුවෙන් සිදුවන මරණ මෙයට ඇති ප්‍රධාන තර්ජන ලෙස සැලකේ. IUCN සංරක්ෂණ තත්ත්ව අනුව මෙම විශේෂය Near Threatened (NT) ලෙස වර්ගීකරණය කර ඇත.

4. වික්‍රමසිංහලාගේ හාල්දණ්ඩා
EN: Wickramasinghes bronzeback
SN: Dendrelaphis wickrorum
Danushka et al., 2020

වික්‍රමසිංහලාගේ හාල්දණ්ඩා ශ්‍රී ලංකාවේ තෙත් කලාපයට ආවේණික, විෂරහිත හා දිවාචර රුකවාසී සර්ප විශේෂයකි. මෑතකාලීන රූපවිද්‍යාත්මක පර්යේෂණ මගින් පඳුරු හාල්දණ්ඩා ලෙස සලකා තිබූ ගහණ දෙකක් අතර පැහැදිලි වෙනස්කම් හඳුනාගෙන, 2020 දී මෙම ගහණය වෙනම විශේෂයක් ලෙස විස්තර කර ඇත.

මෙම සර්පයා දිගු, සිහින්, සිලින්ඩරාකාර ශරීරයක් සහ පැහැදිලිව සිරුරෙන් වෙන් වූ පැතලි හිසක් දරයි. හිස පෘෂ්ඨීයව ලා කොළ හෝ ගොම කොළ පැහැයක් ගන්නා අතර අන්තර්නාස් කොරළයෙන් ඇස හරහා ගෙල දෙසට දිවෙන කළු රේඛාවක් පාර්ශවිකව දක්නට ලැබේ. ශරීරය ප්‍රධාන වශයෙන් තඹ පැහැයෙන් යුක්ත වන අතර හිසේ සිට ශරීර මධ්‍යය දෙසට කොරළවල යටි දාරය නිල් පැහැයෙන් දිස්වේ; ශරීරය පුම්බන අවස්ථාවලදී මෙම පැහැය වඩාත් පැහැදිළි වේ. ශරීරයේ දෙපාර්ශවයෙන් සුදු හෝ ක්‍රීම් පැහැති රේඛාවක් නැට්ට තෙක් දිවෙන අතර පිරිමි සතුන් තුළ එය වඩාත් ප්‍රකටය. උදරීය පැහැය ලා කොළ හෝ කොළ මිශ්‍ර කහ වර්ණයකි.

ඝන වනාන්තර, ගස් වැල් සහිත පරිසර සහ ගෙවතු ආශ්‍රිත ස්ථානවල හමුවන මෙම සර්පයා අතු අතර වේගයෙන් සංචරණය කරයි. කුඩා කුරුල්ලන්, කටුස්සන්, හූනන්, ගෙම්බන් සහ පඳුරු මැඩියන් ප්‍රධාන ආහාර වන අතර තියුණු දෘෂ්ඨිය ගොදුරු හඳුනාගැනීමට උපකාරී වේ. බියට පත් වූ විට ශරීරයේ පෙර කොටස පුම්බා විශාල ලෙස පෙනී සිටීම ආරක්ෂක හැසිරීමකි.

අණ්ඩජ සර්පයකු වන මෙය කොළ රොඩු සහ ගස් බෙන වැනි ආරක්ෂිත, අඳුරු ස්ථානවල බිත්තර දමයි. පැටවුන් උපතේදී සෙන්ටිමීටර් 15ක් පමණ දිග වන අතර වැඩිහිටි සතුන් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 90ක් දක්වා වර්ධනය වේ. වන විනාශය, මාර්ග අනතුරු සහ මිනිස් බිය හේතුවෙන් සිදුවන මරණ මෙයට ඇති ප්‍රධාන තර්ජන ලෙස සැලකේ.

• ශ්‍රී ලංකාවේ සත්ව විද්‍යාව සඳහා නව විශේෂ රාශියක් හා වඳවී ගියා යැයි සැලකු සතුන් නැවත සොයාගනිමින් විශේෂයෙන්ම උරග හා උභයජීවී විද්‍යාව වෙනුවෙන් කැප වී පර්යේෂණ සිදු කරන ජේෂ්ඨ විද්‍යාඥ යුවල වන මෙන්ඩිස් වික්‍රමසිංහ හා ඔහුගේ බිරිඳ නෙතූ වික්‍රමසිංහ සඳහා ගෞරවයක් ලෙස මෙම විශේෂය නාමකරණය කර ඇත.

පඳුරු හාල්දණ්ඩාගෙන් වෙන් කරගත හැකි ලක්ෂණ

• සාපේක්ෂව විශාල ඇස
• ඇසේ සිට නාස්පුඩුවට ඇති දුර, ඇසේ විෂ්කම්භයට වඩා අඩු හෝ සමාන වීම
• ඇස හරහා දිවෙන කළු පැහැ ද්වීපාර්ශවික රේඛාව හිස කෙලවර වන තෙක් හෝ ගෙලෙහි මද දුරකින් අවසන් වේ.
• ගෙල ප්‍රදේශයේ ඉතා අපැහැදිලි පාර්ශවික ඇල රේඛා සුළු ප්‍රමාණයක් හෝ සම්පුර්ණයෙන් නොපිහිටයි. (පැටවුන්ගේ තරමක් පැහැදිලිය)
• හොඹුව දෙසට වන්නට පටු හා උල් ස්වභාවයක් ගන්නා හිස

5. වයිරි හාල්දණ්ඩා
EN: Gunther's bronzeback tree snake
SN: Dendrelaphis caudolineolatus (Günther, 1869)

වයිරි හාල්දණ්ඩා ශ්‍රී ලංකාවට ආවේණික, විෂරහිත, දිවාචර සහ ප්‍රධාන වශයෙන් රුකවාසී සර්ප විශේෂයකි. තෙත් හා අතරමැදි කලාපයන්හි පහතරට සහ මැදරට ප්‍රදේශවල ව්‍යාප්තව හමුවන අතර වෘක්ෂීය ජීවිතයට හුරු වූවත් අවස්ථාව අනුව භූමිය මතද දැකගත හැක.

මෙම සර්පයා පෘෂ්ඨීයව ඔලිව් මිශ්‍ර තඹ හෝ තැඹිලි පැහැයක් ගන්නා දිගු, සිහින් ශරීරයකින් යුක්තය. ඇස හරහා දිවෙන තද පැහැති සිහින් පටි හඳුනාගැනීමට වැදගත් ලක්ෂණයක් වන අතර එයට ඉහළ ප්‍රදේශය තඹ මිශ්‍ර දුඹුරු පැහැයෙන් දිස්වේ. තොල් හා නිකට ප්‍රදේශය සාමාන්‍යයෙන් සුදු හෝ කහ පැහැති වේ. වලිගය දිග අතට දිවෙන කළු පැහැති රේඛාවක් තිබීමද විශේෂ හඳුනාගැනීමේ ලක්ෂණයකි. සුමට කොරළවලින් වැසුණු දිගු සිහින් සිරුර සහ හිසට සාපේක්ෂව විශාල ඇස් අතු අතර වේගයෙන් සංචරණයට උපකාරී වේ.

ඝන වනාන්තර, ගස්වලින් සමන්විත විවෘත භූමි සහ ගෙවතු ආශ්‍රිත පරිසරයන්හි දක්නට ලැබෙන මෙම සර්පයා ඉතා ක්‍රියාශීලී වේ. කුඩා කුරුල්ලන්, කටුස්සන්, හූනන්, ගෙම්බන් හා අනෙකුත් කුඩා කශේරුක සතුන් ප්‍රධාන ආහාර වේ. බියට පත් වූ විට ශරීරය පුම්බා විශාල ලෙස පෙනී සිටීම හා වේගයෙන් අතු අතර සරසවීම ආරක්ෂක හැසිරීම් ලෙස දැක්විය හැක.

අණ්ඩජ සර්පයකු වන මෙය වරකට බිත්තර 3–6 අතර ප්‍රමාණයක් දමයි. බිත්තර සාමාන්‍යයෙන් කොළරොඩු, ගස්බෙන හෝ අනෙකුත් ආරක්ෂිත ස්ථානවල තැන්පත් කරයි. වන විනාශය, මාර්ග අනතුරු සහ මිනිස් බිය හේතුවෙන් සිදුකරන මරණ මෙයට ඇති ප්‍රධාන තර්ජන ලෙස සැලකේ. මෙම විශේෂය ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයට වැදගත් දායකත්වයක් ලබාදෙන ආවේණික සර්පයකි.

6. ඔලිවර්ගේ හාල්දණ්ඩා
EN: Oliver's bronzeback,
SN: Dendrelaphis oliveri
(Taylor, 1950)

ඔලිවර්ගේ හාල්දණ්ඩා ශ්‍රී ලංකාවට ආවේණික, විෂරහිත සහ අතිශය දුර්ලභ ලෙස සැලකෙන රුකවාසී සර්ප විශේෂයකි. දැනට ලැබී ඇති තොරතුරු අනුව මෙම විශේෂය ගැන වාර්තා වී ඇත්තේ සීමිත නිදර්ශක සංඛ්‍යාවක් පමණක් බැවින් එය විද්‍යාත්මක වශයෙන් වැදගත් සර්පයකු ලෙස සැලකේ.

මෙම සර්පයා පෘෂ්ඨීයව තඹ මිශ්‍ර අළු පැහැයක් දරන අතර කලු දාර සහිත ලා පැහැති දිගු පටි දෙකක් හිසේ සිට වලිගය දක්වා දිවෙයි. උදරීය කොටස ක්‍රීම් පැහැයට හුරු සුදු වර්ණයක් ගන්නා අතර වලිගය තඹ මිශ්‍ර අළු පැහැයෙන් යුක්ත වේ. දිගු, සිහින් සිරුර සහ සුමට කොරළ රුකවාසී ජීවිතයට අනුවර්තනය වී ඇති බව පෙන්වයි.

මෙම විශේෂය මුල්වරට 1944 දී ත්‍රීකුණාමලයට සැතපුම් 12 ක් උතුරින් වෙරළාසන්න ප්‍රදේශයකින් එක් නිදර්ශකයක් සොයාගෙන පසුව 1950 දී විස්තර කර ඇත. එතැන් සිට වාර්තා ඉතාමත් සීමිත බැවින් එහි ව්‍යාප්තිය, පාරිසරික අවශ්‍යතා සහ හැසිරීම් පිළිබඳ තොරතුරු තවදුරටත් පැහැදිලි නොවේ.

ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ මෙම ආවේණික විශේෂය, සීමිත ව්‍යාප්තිය හේතුවෙන් පාරිසරික වෙනස්කම්වලට සංවේදී විය හැකි බැවින් සංරක්ෂණ අවධානයට ලක්විය යුතු සර්පයකි.

7. සිංහරාජ හාල්දණ්ඩා
EN: Sinharaja tree snake
SN: Dendrelaphis effrenis
(Werner, 1909)

පෘෂ්ඨීයව රත් පැහැයට හුරු ශරීරයක් දක්නට ලැබේ. බෙල්ල අවට කලු හා සුදු පැහැයෙන් කැපී පෙනෙන හරස් පටි පවතින අතර, කලු පැහැ වයිරම් යුගල අතරින් බෙල්ලේ සිට වලිගය දක්වා දිවෙන සුදු හරස් පටි හඳුනාගැනීමට උපකාරී වේ. බෙල්ල උඩින් හිස මත පැහැදිලි සුදු ලප සහ කලු සිග්සැග් රේඛාවක් දක්නට ලැබේ. හිස අක්‍රමවත් කලු ලපවලින් සංලක්ෂිත වේ. මෙම විශේෂය තරමක් දුර්ලභ අතර, වනාන්තර වාසයට අනුව අතිශය සුක්ෂම ලෙස සැඟවී ජීවත් වේ. ශ්‍රී ලංකාවේ පහතරට වර්ෂාවනාන්තරවලට සීමා වූ ආවේණික විශේෂයකි. විශේෂයෙන් සිංහරාජ, කන්නෙලිය සහ රූනකන්ද වනාන්තර ප්‍රදේශවලින් වාර්තා වී ඇත.

1909 දී ජර්මානු ජීව විද්‍යාඥ Franz Werner විසින් මෙම සර්ප විශේෂය විද්‍යාත්මකව විස්තර කරන ලදී. දිගු කාලයක් තිස්සේ අතිශය දුර්ලභ විශේෂයක් ලෙස සැලකුණු අතර, සීමිත වාර්තා හේතුවෙන් එම විශේෂයේ ජීව විද්‍යාත්මක තොරතුරු ද අඩුවෙන් වාර්තා වී ඇත.

8. තසුන්ගේ වයිරම් හාල්දණ්ඩා
EN: Thasun’s Bronzeback
SN: Dendrelaphis thasuni Atthanagoda et al., 2025

රූප විද්‍යාත්මකව වයිරී හාල්දණ්ඩාට අතිශයෙන්ම සමාන මෙම විශේෂය වෙන්කර හඳුනාගැනීමට නොබෙදුණු ගුද කොරලය භාවිතා කර හැක. තවද ඇස ආසන්නයේ ඇති ද්වීපාර්ශවික රේඛා සලකුණ සිහින් වීම හා ශරීරයේ ද්වීපාර්ශවික හරස්පටි දෙකක් අතර පරතරය කොරල පේලි 2-3 අතර අගයක් ගනී. අනූෂ අත්තනගොඩ ඇතුළු පර්යේෂණ කණ්ඩායම මොණරාගල ප්‍රදේශයේ මරගල කඳුවැටිය ආශ්‍රිතව හමුවූ එක් ගැහැණු සතෙකුගේ නිදර්ශකයක් පමණක් යොදාගනිමින් මෙම විශේෂය නාමකරණය කර ඇත. මෙම විශේෂය නම් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ උරග විද්‍යාව සඳහා මහත් සේවාවක් සිදුකරන ආචාර්ය තසුන් අමරසිංහ මහතාට ගෞරව පිණිස වේ.

නව විශේෂයක් ලෙස තොරතුරු සීමිත වන අතර, වනාන්තර විනාශය සහ සීමිත ව්‍යාප්තිය හේතුවෙන් අනාගත අවදානමකට ලක්විය හැකි බැවින් වැඩිදුර පර්යේෂණ සහ සංරක්ෂණ අවධානය අත්‍යවශ්‍ය වේ.

Photo credit
• Dendrelaphis caudolineolatus: Shanelle Wikramanayake
• Dendrelaphis thasuni: Anusha Aththanagoda
• Dendrelaphis schokari: Benoit
• Dendrelaphis tristis: Jake Smith
• Dendrelaphis effrenis: mendis wickramasinghe
• Dendrelaphis bifrenalis: mendis wickramasinghe
• Dendrelaphis wickrorum: mendis wickramasinghe

♡ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
#පරිසර_සමාගම

Address

60/3, Bodiyangana Mw, Bowala
Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when Lanka Adventure Holidays posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lanka Adventure Holidays:

Share